ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-35ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.