මාලනී ෆෝන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්

මාලනී ෆෝන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්

ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆෝන්සේකා දැඩිසරකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍යයක් බවට පවුලේ ඥාතීහු පවසති.

අද (12) උදෑසන විට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවු‍ලේ ඥාති කියා සිටියේය.

ඇය මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර තවත් දින කිහිපයකින් ඇයගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවස වෙත යාමට නියමිත බවයි පවුලේ ඥාතීහු කියා සිටියේ.

චන්දන ලක්මාල්

Share This