ආසියානු කලාපයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ කියා සිටියේ ආසියානු කලාපයේ රටවල් තුළ පැතිර යන කොවිඩ් ප්‍රභේදය මෙතෙක් මෙරට තුළ අවදානමක් නොවන අතර ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.
කොවිඩ්වෛරසයේ නවතම උප ප්‍රභේදයක් ලෙස හඳුන්වා ගෙන ඇති මේ JN1 වයිරසය මේ වන විට හොංකොං සිංගප්පූරුව සහ ඉන්දියාවේ ද හඳුනාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් 257 දෙනකු වාර්තා වන අතර මරණ02 වාර්තා වී ඇති අතර මේවන විට එම ව්‍යාප්තිය යම් තරමකට පාලනය වී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.
චන්දන ලක්මාල්