එජපය සහ සජබය අතර එකඟතාවක්

2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය ලබාදී ඇති සභාවල බලය පිහිටුවීමට අදාළ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ඊට අදාළව අද (19) දින පැවැති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවය.
එහිදී ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව විශේෂ සාකච්ඡා කර තිබේ.
ඒ අනුව විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන් සමඟ එක්ව මෙම සභාවල බලය පිහිටුවීම සඳහා වන එකඟතාවට පැමිණ ඇත.