දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ තට්ටු ලොරියක් අනතුරකට ලක්ව තිබෙනවා.
එම ලොරිය කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට පෙරළි ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.
ලොරිය බෑවුමට පෙරළීමේදී කිලෝ 50 ක බරින් යුත් කොට්ට 600කින් යුත් ඩොලමයිට් තොගය සමඟ වට තුනක් පෙරළී ඇති බව සඳහන්.
එහිදී ලොරි රියදුරු දැඩි වෙහෙසක් දරා සුක්කානමේ එල්ලි ඇති බවයි, අප වාර්තාකරු ප්රකාශ කළේ.
එම අනතුරින් රියදුරුට කිසිදු හානියක් සිදු වී නැහැ.
මාතලේ ප්රදේශයේ සිට ඇල්පිටිය දක්වා ටොන් 30ක් පමණ බරැති මෙම ඩොලමයිට් තොගය ප්රවාහනය කරමින් සිට තිබුණා.
එහිදී කහතුඩුව පිවිසුම ආසන්නයේදී එකවරම ලොරි රථය වම්පස ආරක්ෂිත වැටේ අඩි 30 ක පමණ ප්රමාණයක් රූරාවිත් බෑවුමට පෙරළී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අනතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ අඩි 25 ක පමණ කොටසකට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.