හිඟුරක්ගොඩ ගුවන් ධාවන පථය වෙත පරීක්ෂණ ගොඩබෑම ගුවන් හමුදාපතිගෙන්
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
දැනට ඉදිකරමින් පවතින ගුවන් පථයට ගුවන් හමුදාපති තුමන් ගුවන් නියමුවකු ලෙස කටයුතු කරමින් Y-12 වර්ගයේ ගුවන් යානයක් ගුවන් පථය වෙත පරීක්ෂණ ගොඩබැස්සවීමක් ( Test Flight ) සිදුකරමින් ගුවන් පථයේ ප්‍රමිතිය පිලිබදව සොයා බැලීමට කටයුතු කළ බව සඳහන්.
ජාත්‍යන්තර මට්ටමේ ගුවන් ධාවන පථයක් ලෙස ඉදිකිරීමට නියමිත හිඟුරක්ගොඩ ගුවන් පථය මීටර් 2,500 කින් යුක්ත වන අතර මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සදහා උපදේශන ලබා දෙන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම එයට අවශ්‍ය නිසි මග පෙන්වීම් හා නයිතික රාමුවන් සපයන බව සඳහන්.
මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2024 අගෝස්තු 19 වන දින ගුවන් හමුදා විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිළ වශයෙන් ආරම්භ කරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතිය අදියර හතරක් යටතේ සැලසුම් කර තිබෙනවා.
නිම කරන ලද එම මීටර් 850 කොටසෙහි පරීක්ෂණ ගුවන් යානා ගොඩබෑමක් සිදු කිරීමට උපදේශක කණ්ඩායම නිර්දේශ කිරීමෙන් අනතුරුව ඒ සදහා ගුවන් හමුදාධිපති තුමන්ම නියමුවෙකු ලෙස කටයුතු කරමින් Y-12 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් මගින් සාර්ථකව පරීක්ෂණ ගොඩබෑමක් සිදු කළ අතරමෙම අවස්ථාවට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සුමේධ සිල්වා සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් දිනේෂ් ජයවීර යන නිලධාරින් සහභාගී වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.