පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි.50ට වැඩි තරමකත් අද වැසි ඇතිවිය හැකිය.
මෙම වැසි තත්ත්වය අන්තර් නිවාර්තන අභිසාරි කලාපය (උතුරු අර්ථ ගෝලයේ සිට දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්