දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ වැසි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේ ප.ව 2.00 පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි 50 වැඩි තරමක තද වැසි ඇති විය හැක.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවිය හැක.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් තත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
- චන්දන ලක්මාල්