අංගොඩ හංදියේ අනතුරු වැඩිවෙලා

අංගොඩ හංදියේ අනතුරු වැඩිවෙලා

ඉතාමත් ජනාකිර්ණ හංදියක් වන අංගොඩ මංසන්ධියේ මෑතක සිට වාහන අනතුරු ඉහළ යමින් පවතින බව මුල්ලේරියාව පොලීසියේ රථවාහන අංශය පවසනවා.

කැළණිය නුවර පාර, බත්තරමුල්ල, බොරැල්ල ප්‍රදේශ මෙන්ම කඩුවෙල කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයත් එකට යාවෙන මෙම මංසන්ධියේ රාජකාරි වේලාවන්හි දැඩි වාහන තදබදයක් පවතින අතර වාහන තදබදය අඩු දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේදී මෙම මංතිරු ඔස්සේ වාහන ඉතා වේගයෙන් ධාවනය විම හේතුවෙන් අනතුරු බහුල වී තිබෙනවා.

සතියක් තුළ අනතුරු දෙක තුනක්ම සිදුවන අතර ඊයේ (22) දිනයේ ද මෙම ස්ථානයේ දී ත්‍රීවිල් රථයක් තවත් වාහනයක් හා ගැටීමෙන් ත්‍රීවිල් රථය තුළ සිටි කාන්තාවක් විසිවී ගොස් මාර්ගයේ ඇද වැටී රෝහල් ගත කර ඇති බව සඳහන්.

අවිස්සාවේල්ල මාර්ගය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථානයේ මාර්ග සංඥා පද්ධතියක් ඉදි කිරීමට අනුමත කර තිබුණ ද මේ වන තුරු ද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දිනෙන් දින වාහන අනතුරු ඉහළ යමින් පවතිනවා.

Share This