පාසල් සිසුන් 15 දෙනෙකු රෝහලට යැවූ අනතුර

හොරණ රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී ඇත.
එම අනතුරෙන් සිසුන් පහළොස් දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබාරෝහල් ගත කර ඇති බව ඉංගිරිය පොලිසිය පැවසීය.
පෞද්ගලික බස් රථය හොරණ දෙසට පැමිණෙමින් සිටියදී ලොරි රථය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.
තුවාලකරුවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහ සාහයක ඇතුළු පාසල් සිසුන් කීපදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
චන්දන ලක්මාල්