DIG වගේ රඟපාලා, මුදල් වංචා කරපු තරුණයෙක් අත්අඩංගුවට
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදී පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ජයසිංහ ආරච්චිගේ දුලාජ් නැමැති බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාර තරුණයා ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේ.
සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින්.
ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.
සැකකරු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම භාවිත කරමින් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට බිය ගන්වා රුපියල් 25 000.00ක් බැගින් ලබාගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව සැකකරු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, විමර්ශන ප්‍රගතිය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
අකිලා නදීෂානි බණ්ඩාර