කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු මරුට

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයෙකු මරුට

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ 27 හැවිරිදි හතරමංහන්දිය පදිංචි තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති තරුණයෙක් මිය ගොස් තිබේ.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කළ බවත් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයා මිය ගිය බවත් පොලිසිය සඳහන් කරයි.

මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය කියයි.

තම පුත් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය විසින් ඔහුට හොඳටම පහරදුන් බව මරණකරුගේ පිය පැවසීය.

Share This