වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය වංචාවක් ගැන දැනුම්දීමක්

වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය වංචාවක් ගැන දැනුම්දීමක්

වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් පිවිස ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමු කරන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල වාර්ත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්‍යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බවට සඳහන් වේ.

ඒ අනුව මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත්ව සිටින ලෙස පොලීසිය දන්වා සිටී.

එමෙන්ම පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසය.

Share This