රට නව දිසාවකට ගෙනියන්න තුන්කොන් වැඩපිළිවෙලක්

රට නව දිසාවකට ගෙනියන්න තුන්කොන් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව නව දිශානතියකට ගෙනයාම සඳහා ප්‍රධාන තුන්කොන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඊට ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම’ යන තුන්කොන් වැඩපිළිවෙළ  ඇතුළත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය, දේශපාලන, සංස්කෘතික යන සෑම අතින්ම ගොඩගැනීම සඳහා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා.

පුනර්ජීවයක් ඇති කිරීමද මෙහි අරමුණ වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යාංශ ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරන සංයුක්ත වැඩපිළිවෙළක් ඒ සඳහා සකස් කොට ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This