හදිසි ආපදා ගැන කියන්න දුරකතන අංකයක්

හදිසි ආපදා ගැන කියන්න දුරකතන අංකයක්

හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් 117 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ තමන් දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවය ද ඒ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපද තත්ත්වයක් ඇති වුවහොත් කටයුතු කිරීමට සියලු අංශය සූදානම් කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

මේ අතර විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට ක්ෂණික දුරකතන අංකයක් විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.

ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සමඟ ගස් කඩාවැටීම් ඇතුළු ආපදා හේතුවෙන් සිදුවනු විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් 1987 කෙටි අංකයට හෝ CEBCare යෙදවුම හරහා දැනුම්දිය හැක.

විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Share This