අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවෙකු වසබීලා
මොනරාගල පොලිස් වසමට අයත් මාරාව කිවුලේආර ප්‍රදේශයේ පදිංචි සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු වස පානය කර ඇති බව පොලීසිය පවසනවා.
කිවුලේආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තම සහෝදරිය සමඟ පිටස්තර පුද්ගලයෙකු වසර ගණනාවක සිට ජීවත්වන බවත්, ඔහු පිළිබඳව සැකයක් ඇති බවත් නාවික හමුදා සෙබළෙකු වන ඔහු මියගිය බවට සඳහන් කරමින් මව විසින් විශ්‍රාම වැටුප් ගන්නා බවත් සඳහන්කරමින් මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පෙත්සමක් ද ලැබී ඇති බව සඳහන්.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් කිවුලේආර මාරාව ඔහුගේ නිවසට ගොස් අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා තිබෙනවා.
ඔහු එය ලබාදීම සඳහා නිවස තුළට ගොස් එකවරම වස බෝතලයක් රැගෙන පානයකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු 1990 ගිලන්රථයක් මඟින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.
සැකකරු අම්බලන්තොට ප්‍රදේශ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ නිවැරැදි නාමය මෙතෙක් අනාවරණ වී නැහැ.
ඔහු දැනට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.