මැද පෙරදිග කලාපයේ යුද තත්ත්වය ගැන සොයන්න අනුකමිටුවක්

මැද පෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය ලංකාව මුහුණ දීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාත්මක ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය සමන් විද්‍යාරත්න .අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අමාත්‍ය කුමාර ජයකොඩි මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලැබේ.
මැද පෙරදිග යුදුමය තත්ත්වය පිළිබඳ සමීපව අධ්‍යනය කරමින් බලපෑමට ලක්විය හැකි සියලු ක්ෂේත්‍ර බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට මෙම අමාත්‍ය මණ්ඩලය අනුකමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී ඇත.
මෙම අනුකමිටුවට සහාය වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කර ඇත.
චන්දන ලක්මාල්