ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනු කමිටුවක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අනු කමිටුවක් පත් කිරිමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිඅබලගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.
ග්‍රාමීය ප්‍රදේශවල කාන්තවන් බහුලව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මහත් පීඩාවට පත්ව ඇති බවට පසුගිය කාලයේ තොරතුරු වාර්ථාවී ඇත.
එම කරුණු සලකා බලමින් අමාත්‍යශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනූව මෙම තීරණය ගත් බව අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතා සඳහන් කළේය.
ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රිණී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුවට පත්කර තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් කීය.