ගොවීන් ලබා දෙන පොහොර සහනාධාරය ගැන ප්‍රකාශයක්

ගොවීන් ලබා දෙන පොහොර සහනාධාරය ගැන ප්‍රකාශයක්

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය ප්‍රකාශ කළේ, රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පොහොර සහනාධාරය 2024 වසරේ ඔක්තෝබර් පළවෙනිදා සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වා ලබාදීමට නියමිතයි.

ඒ සදහා රුපියල් 25000ක පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ රුපියල් 10000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරන බවයි, අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

මේ වනවිට රුපියල් 15000ක පළමු වාරිකය ලබාදී ඇති බව සඳහන්.

ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප රජයක් ලෙස කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

කුඹුරු ඉඩම්වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන්  25,239.73ක ප්‍රමාණයක් රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This