මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් තෝරා එවිය යුතුව ඇති සියලුම සභිකයන්ගේ නම් මැයි මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත යොමු කරන ලෙසට මැතිවරණය කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

ඡන්ද විමසීම අවසන්වී මේ වනවිට දින 21ක් ගතව ඇතත් අදාළ නම් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව එම කොමිසම සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 02 වැනිදා ආරම්භ වන හෙයින් ඊට පෙර තේරී පත් වූ සහ තෝරා එවා ඇති සභිකයන් ගැසට් පත්‍රයේ පළ කළ යුතුවේ.

ඒ හේතුවෙන් අදාළ සභිකයන් ඉතා කඩිනමින් තෝරා එවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Share This