රට ඉඳි සඳහා පනවා තිබූ බදු අඩු කරමින්, විශේෂ ගැසට් නිවේදනයක්

රට ඉඳි සඳහා පනවා තිබූ බදු අඩු කරමින්, විශේෂ ගැසට් නිවේදනයක්

රටඉඳි සඳහා  පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, මාර්තු 31 වැනිදා තෙක් රුපියලක් දක්වා අඩුකරමින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්.

මේ අතර රාමලාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කර තිබෙනවා.

 

Share This