අනතුරට පත් ගුවන් යානය ගැන හොයන්න විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින්.
අදාළ කමිටුවට සාමාජිකයන් හත් දෙනෙකු ඇතුළත්.
අද (21) පෙරවරු 07.27ට පමණ ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරෙන් පිටත් වූ මෙම යානය පෙරවරු 07.55ට පමණ අනතුරට ලක් වූ බව සඳහන්.
මෙලෙස අනතුරට පත්ව වූයේ, ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවිමි සදහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක්.
එහි සිටි ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වි කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩ බැස ඇති බව සඳහන්.
ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා කුරුණෑගල ජාතික රෝහලට ඇතුල කර තිබෙනවා.