කොළඹ කොටස් වෙළඳපොලේ පසුබැස්මක්

කොළඹ කොටස් වෙළඳපොලේ පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දීත් වාර්තා වී තිබෙනවා.

ඒ, අඛණ්ඩව දෙවන දිනයටයි.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහත වැටුණු අතර 15,878.60 කින් අවසන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 1.06%ක්.

එමෙන්ම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.5ක්

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.7210 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 298.4165ක් ලෙසයි.

Share This