දියවැලකට හසුවූ රුසියානු ජාතිකයෙකු බේරා ගැනේ
මාතර – පොල්හේන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දියවැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටි විදේශිකයෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා.
එම විදේශිකයාගේ දිවි බේරාගෙන ඇත්තේ, එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින්.
අදාළ විදේශික ජාතිකයා 27 හැවිරිදි රුසියානු ජාතිකයෙක් වනවා.
ඔහු ඊයේ දහවල් කාලයේදී එම වෙරළ තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස දියවැලකට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.
එලෙස බේරාගත් විදේශීකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.