දුම්වැටි භාවිත කරන බාලවයස්කරුවන් ගැන හෙළිදරව්වක්

වයස අවුරුදු 15ත් 21ත් අතර බලවයස්කරුවන් සියයට 11.6ක ප්‍රමාණයක් දුම්වැටි භාවිත කරන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් විසින් පසුගිය කාලයේදී සිදු කළ සමීක්ෂණයකින් මේ වන බව අනාවරණවී ඇත. වයස අවුරුදු 15 සහ ඊට වැඩි වයස් කාණ්ඩාවල පසුවන පුද්ගලයින්ගේ සියයට 21.6ක පිරිසක් දුම්වැටි භාවිත කරන බව සඳහන් වේ.
බාලවයස්කාර දරුවන් අතර දුම්වැටි භාවිත වැළැක්වීම සඳහා පියවර 6ක් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය රජයට යෝජනා කරනු ලබයි.
NATA පනත මඟින් විශේෂයෙන්ම බාල වයස්කරුවන්ට දුම්වැටි විකිණීම තහනම් කර ඇතත්, එම නීතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍ය හරහා ළමුන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ඍජු හා සියුම් ප්‍රවර්ධධනයන් තහනම් කිරීම සඳහා පවතින නීති තදින් ක්‍රියාත්මක කළ යුතු බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරන ලද දුම්කොළවලින් නිදහස් වූ පරපුරක් යන සංකල්පය යටතේ වසර 2010න් පසු උපන් සියලු දරුවන් සදහා දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම ද ඊට ඇතුළත් වේ.
පහසුවෙන් අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව ලබාදෙන තනි සිගරට් අලෙවිය තහනම් කිරීම සහ අධ්‍යාපන ආයතනවල සිට මීටර 100ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීම සිදු කළ යුතු බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
දුම්කොළ කර්මාන්තයේ උපක්‍රම හෙළි කිරීමටත් දුම්වැටි භාවිතය නිශ්ඵල සහ හානිකර හැසිරීමක් ලෙස අවධාරණය කිරීමටත් ජාතික මට්ටමේ නිවාරණ වැඩසටහන් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීම ඒ මධ්‍යස්ථානය විසින් රජයට යෝජනා කරන ලදී.