දේශපාලනයෙන් සමුගත් පිරිස ගැන අනාවරණයක්
හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ පාලනය සමයේ ඇති වූ ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අනතුරුව දේශපාලනඥයන් 6000කට ආසන්න පිරිසක් දේශපාලනයෙන් සමුගෙන තිබෙනවා.
ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්රකාශ කළේ, තමන්ගේ ජයග්රහණ ගැන අවිශ්වාසයක් මතුවීම හේතුවෙන් ඔවුන් මෙලෙස දේශපාලනයෙන් ඉවත්වී ඇති බවයි.
විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ 2000කට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන්.
එමෙන්ම විවිධ හේතු මත පක්ෂ 30ක් පමණ පසුගිය කාලයේදී අක්රිය තත්ත්වයේ පසුවන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්රිය වී ඇති බව සඳහන්.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාලන සමයේදී ප්රකාශය පත් කෙරුණු පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් නාමයෝජනා භාරදී තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට දේශපාලනයෙන් ඉවත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඇතැම් පිරිස් විවිධ රැකියා සඳහා විදේශ ගතවී ඇති බව වැඩිදුරටත් සඳහන්.