මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ගැන හෙළිදරව්වක්

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ගැන හෙළිදරව්වක්

පසුගිය සමයේ පැවැති කිසිදු රජයක් විසින් මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් එහි නිරීක්ෂණ චාරිකාවකට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සිදු කළ ප්‍රගති සමාලෝචනයකදීයි.

රාජ්‍ය සේවය තුළ මෙන්ම පොදු මහජනතාවට වඩා ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සතුව ඉහළ විභවයක් සහ ශක්‍යතාවක් පවතින බව ද හෙළි වුණා.

ඊට අමතරව මෙරට ශ්‍රම වෙළඳපොළ සම්බන්ධයෙන් පවතින දත්ත සහ තොරතුරුවල නිරවද්‍යතාවය මෙන්ම විනිවිදභාවය සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු පැවතීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රම බලකාය හා සම්බන්ධයෙන් නිසි තොරතුරු සහ දත්ත එක්රැස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව සඳහන්.

දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමටත් ඊට ආනුෂංගික ක්ෂේත්‍රවල නිසි පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කිරීමටයි එහිදී අමාත්‍යවරුන් උපදෙස් ලබා දුන්නේ.

මිනිස්බල හා රැකීරක්ෂා ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම, රැකියා නිර්මාණය සහ ප්‍රවර්ධන කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම, ශ්‍රම වෙළඳපොළ තොරතුරු එක් රැස් කිරීම විශ්ලේෂණය සහ බෙදාහැරීම සම්බන්ධයෙන්ද මෙම සමාලෝචන රැස්වීමේදී අදහස් හුවමාරු වුණා.

මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්. එච් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.

Share This