ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් ගැන හෙළිදරව්වක්

(මුදිතා දයානන්ද )
නිශාන්ත කුමාර බණ්ඩාර හිටපු ජනාධිපතිවරු වන චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලනඥයින් ගණනාවකට අයත් ඉන්ධන පිරවුම් හල් 43 ක් පිළිබඳව නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්රා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරයි.
මේ අතර හිටපු අමාත්යවරුන් වන ප්රසන්න රණතුංග, ගයන්න කරුණාතිලක, දුමින්ද දිසානායක, අකිල විරාජ් කාරියවසම්, පියසේන ගමගේ, පවිත්රා වන්නිආරච්චිද සිටින අතර අකිල විරාජ් කාරියවසම්ගේ නමට ඉන්ධන පිරවුම් හල් පහක් මාවතගම හා ඒ අවට පවත්වාගෙන යන බවද අනාවරණය වේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉන්ධික බණ්ඩාරනායකගේ සහෝදරවරු දෙදෙනෙක්, මව හා ඥාති සහෝදරයෙක්ගේ නම්නලටද පිරවුම් හල් පහක් පවත්වාගෙන යන බව නියෝජ්ය ඇමතිවරයා පෙන්වාදෙයි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රංජිත් මධ්යම බණ්ඩාර, හර්ෂණ රාජකරුණාද හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කුමාර වෙල්ගම, කාදර් මස්තාන් ද හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ සහෝදරයෙක්ද ඵ් අතර වන බව නියෝජ්ය අමාත්යවරයා පවසයි.
මේ ආකාරයට හිටපු මැති පාර්ලිමේන්තු මන්ත්රීවරු හිටපු පළාත් සභා ඇමතිවරු, ප්රාදේශීය සභා සභාපතිවරු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් නමින් මෙම ඉන්ධන පිරවුම් හල් පවත්වාගෙන යන බව නියෝජ්ය ඇමැති අරුන් හේමචන්ද්රා පෙන්වාදෙයි.