මුව ආවරණ පැළඳීමට උනන්දුවන ලෙසට ඉල්ලීමක්

පොසොන් සිරි නැරඹීමේදී සහ ජනාකීර්ණ ස්ථානවල ගැවැසීමේදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළදීමට උනන්දුවන ලෙස බැතිමතුන්ගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.
කොවිඩ්-19 සහ ඉන්ෆුලුවන්සා රෝගය පැතිරයාමේ අවදානමක් පැවතීමෙන් හේතුවෙන් අදාළ ඉල්ලීම සිදු කරන බව ඒ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කරයි.
දන්සැල් සංවිධාකයින් සහ සෙසු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මුව ආවරණ, හිස් ආවරණ සහ අත් ආවරණ පැළද දන්සැල් පිළියෙල කිරීමට සහ දන්සැල් ලබාදීමට පියවර ගත යුතුය.
විශාල වශයෙන් ජනතාව රැස්වීමට පෙර ආහාර හා සෙසු දන්සැල් බැතිමතුන් සදහා සැපයීමට පියවර ගැනීමට වගබලා ගතයුතු බවයි.
රෝග පැතිරයාම වළක්වා ගැනීම සහ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කර ගැනීමට පොසොන් නැරඹීමට ඒක්වන සියළුම දෙනා මුව ආවරණ පැළදීම සහ සෞඛ්‍ය වත් පිළිවෙත් අනුගමනය කිරීම අනිර්වයෙන්ම සිදු කළ යුතු බව චමිල් මුතුකුඩ මහතා අවධාරණය කළේය.