පාරවල් එක්ක තරුණ ටික්ටෝක් මොල ටිකත් ක්ලීන් කරන්නැයි ඉල්ලීමක්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ කුලියාපිටිය ඩිපෝව අසළ මාර්ග ආශ්‍රීත පිරිසිදු කිරීමක්, කුලියාපිටිය පොලීසිය හා විශ්වවිද්‍යාල විද්‍යායතනය එක්ව සිදුකර තිබෙනවා.
ඊයේ දින (14) එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර එහිදී කුලියාපිටිය නගර සභා ට්‍රැක්ටර් රථ දෙකක් පිරී ඉතිරියාමට තරම් කැලි කසළ එක් රැස්ව තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.
ලදු කැලෑ ආශ්‍රිතව වේදනා නාෂක බහාලූම් කවර, උපත්පාලන අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැරලන වීදුරු කැබලි ඇතුළුව ප්‍රදේශයේ මස් වෙළෙඳුන් විසින් ගෙනැවිත් දමා තිබු කුකුළු අපද්‍රව්‍ය තොගයක්ද අපද්‍රව්‍ය අතර තිබී ඇති බව සඳහන්.
එමෙන්ම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට තම සහය නිරන්තරයෙන් ලබාදෙන්නට සූදානම් බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම එහිදී ප්‍රදේශවාසීන් විසින් විශේෂ ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා.
ඔවුන් ඉල්ලා ඇත්තේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින්, ජීවිතයේ අරුත වටහා නොගෙන ටික්ටොක් ආදියෙහිම සැරිසරමින් කාලය කන තරුණ ප්‍රජාවගේ ‘මොල ක්ලීන්’ කරන ලෙසයි.
විධිමත් අධ්‍යාපනයක් ලබන විශ්ව විද්‍යාලයීය සිසුන් මෙම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට ලබාදුන් දායකත්වයද මෙහිදී ඇගයීමටද ලක් කෙරුණා.
මෙවැනි වැඩසටහන් කිහිපයක්ම කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් දියත්කිරීමට සැළසුම් කර ඇති බවයි එහිදී පොලීසිය සඳහන් කළේ.