ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන නව ව්‍යවස්ථාවක් සකසන්නැයි කාදිනල්හිමිගෙන් ඉල්ලීමක්
ප්රජාතන්ත්රවාදයට විරුද්ධව තිබෙන දුර්වලකම් ජයගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ සඳහා අවුරුදු 05ක් බලා සිටිය නොහැකි බවත්, කඩිනමින් ඊට අවශ්‍ය අඩිතාලම සකස් කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා අගරදගුරු නිල නිවසේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා.
එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පළකලා.
අත්‍යවශයෙන්ම රට තුළ වෙනසක් සිදුවිය යුතු බව සියළු දෙනා පිළිගන්නා කාරණයක් බවයි උන්වහන්සේ එහිදී කියා සිටියේ.
වත්මන් රජයට ජනතාව විශාල වරමක් ලබා දී ඇති බවත්, රජය එම වරම භාවිත කර ධෛර්යවන්තව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
එහිදී කතානායකවරයා හා කාදිනල් හිමිපාණන් අතර ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද කරුණු සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිටුපස සැඟවී තිබෙන සත්‍යය හෙළිදරව් කරගැනීම ඉතා වැදගත් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.
එමෙන්ම පසුගිය සමයේ සිදුවූ මිනිමැරුම්, අතුරුදන් කිරීම් ඇතුළු සියල්ල පිළිබඳව ද විමර්ශනය කළ යුතු බව අගරදගුරු අතිඋතුම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.
පාස්කු ප්‍රහාරය ඇතුළුව අනෙකුත් කාරණාවන් අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නැයි උන්වහන්සේ එහිදී රජයෙන් ඉල්ලීමක් කළා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල අගරදගුරු අතිඋතුම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“මේ හුගක් දේවල්වලට විමර්ශනයක් සිදුවෙලා නැහැ හරියාකාරව.. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා රජයෙන් පාස්කු ප්‍රහාරය ඇතුළුව අනෙකුත් මිනිමැරුම්, අතුරුදන් කිරීම් සහ ප්රජාතන්ත්රවාදයට විරුද්ධව සිදුකරන ලද දූෂිත ක්‍රියාවන් සියල්ලම විමර්ශන කරන්න.. වහා ක්‍රියාත්මක වෙන්න, ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකසන්න.. අධිකරණය ස්වාධීන විය යුතුයි.. ඒ සඳහා රට තුළ ව්‍යවස්ථාමය වෙනසක් සිදුකිරීමද අවශ්‍ය වෙනවා.. විශේෂයෙන් ප්රජාතන්ත්රවාදයට විරුද්ධව ව්‍යවස්ථාව තුළ තිබෙන දුර්වලකම් ජයගැනීම සඳහා.. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන, විනිවිදභාවය ආරක්ෂා කරන, එකමුතුකම වර්ධනය කරන, නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.. මේ ව්‍යවස්ථාව හැකි ඉක්මණින් මේ රජය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. අවුරුදු 05ක් ඉන්න බැහැ.. ඉක්මණින් මේ කටයුත්තට අඩිතාලම දැමිය යුතුයි.. “