කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
අද (16) දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි.
අද දිනය තුළ දී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ පිරිවැටුම රු. බි. 8.27ක්.