වව්නතිව් පොලිස් නිලධාරි ඝාතනයේ විමර්ශන නොමග යැවූ බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි
සැකකාර කොස්තාපල්වරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධිත පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් සිදුකළ වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන නොමග යවා ඒ තුළින් නියම අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම, ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදුකිරීමට අවකාශ සැලසීම නමැති සංවේදී අපරාදමය කරුණුවලට වග කිව යුතුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
(බණ්ඩාරගම – ශ්‍යාමන් ජයසිංහ)