ශ්‍රී පාද වන්දනාවේ එන තරුණයින්ට අයිස් විකුණන්න ගිය අයෙක් මාට්ටු

ශ්‍රී පාද වන්දනාවේ එන තරුණයින්ට අයිස් විකුණන්න ගිය අයෙක් මාට්ටු

හැටන් දුම්රිය ස්ථානය අසල අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 10ක් සමග සැකකරුවෙකු ඊයේ(14) දින පස්වරුවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී පාදය කරුණා කිරීමට දුම්රියෙන් පැමිණෙන තරුණ පිරිසට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සදහා සැකකරු හැටන් දුම්රිය ස්ථානය අසල සැකටයුතු ලෙස සැරිසරමින් සිටියදීයී.

දුම්රියෙන් ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරතවන හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකක්.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සැකකරු රදවාගෙන විමර්ෂණ කටයුතු ආරම්භ කරන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ.

මේ අතර උඩරට මැණිකේ දුම්රියෙන් ගංජා මිශ්‍ර මත්ගුලි රැගෙන පැමිණි තරුණයෙකුද හැටන් පොලිසියේ නිලධාරින් විසින් හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසියේ නිලධාරින් පැවසුවේ.

දුම්රියෙන් සහ පෞද්ගලික වාහන වලින් මත්ද්‍රව්‍ය රැගෙනශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට හැටන් දුම්රිය ස්ථානයේ සහ නල්ලතන්නියට පිවිසෙන සියළු මාර්ග වල මෙහෙයුම් සදහා පොලිස් නිලධාරින් දිවා රාත්‍රියේ රාජකාරියේ යොදවා ඇති බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා සඳහන් කළා.

Share This