ඉෂාරා සෙව්වන්දි ගැන බොරු තොරතුරු දුන් අයෙක්ට අත්වූ ඉරණම

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අත්‍යවශ්‍ය සැකකාරියක වන ඉෂාර සෙව්වන්දි සැඟව සිටින ස්ථානයක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දුන් පෙදරේරුවෙකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නිකුත් කළ නියෝගයකට අනුවයි.
ඉෂාරා සෙව්වන්දි දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවටයි, එම ප්‍රදේශයේ අයෙක් පොලිසියට අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව සඳහන්.
බරපතල අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩාකප්පල් කර පොලිසිය නොමග යැවීම සඳහා කටයුතු කිරීමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.