පිස්තෝලයක් සහ පතුරම් 12ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පිස්තෝලයක් සහ පතුරම් 12ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ රාජකාරියෙහි යෙදී සිටි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පිස්තෝලයක් මැගසීනයක් සහ පතුරම් දොළහක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් වෙයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසියට භාර දී ඇත.

චන්දන ලක්මාල්

Share This