බිලියන 30ක විශ්‍රාමික හිඟ වැටුප් පොල්ලක්
රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් විශ්‍රාමිකයින් ලක්ෂ 6ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ.
ඇතැම් අයගේ විශ්‍රාම වැටුප් හිඟයන් 1992 වසරේ සිට ගෙවීමට තිබෙන බවට ද අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, හිඟ පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ඔවුන්ට, කඩිනමින් ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවයි අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසුවේ.
ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
අහුන්ගල්ලේ කමල් ශ්‍රී ලියනගේ