විදුලිය බිඳවැටීම් ගැන කියන්න අංකයක්

විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට ක්ෂණික දුරකතන අංකයක් විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.
ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සමඟ ගස් කඩාවැටීම් ඇතුළු ආපදා හේතුවෙන් සිදුවනු විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් 1987 කෙටි අංකයට හෝ CEBCare යෙදවුම හරහා දැනුම්දිය හැක.
විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.