නුවර – කොළඹ මාර්ගයේ යන අයට දැනුම්දීමක්
නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතව පවතිනවා.
පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇත්තේ.
මේ හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙසට හා නුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා මාර්ගයේ එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ගමන් කරවීමට සැලසුම් කර තිබෙන බවට පොලීසියෙන් පවසනවා.
මේ කාලය තුළ ගමන් කළ හැකි විකල්ප මාර්ග
01.කොළඹ සිට නුවර දෙසට හා කුරුණෑගල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන කලගේඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරයට පැමිණ නිට්ටඹුව දෙසට ගමන් කර වමට හැරී කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මිරිගම මාර්ගයට පිවිස, කුරුණෑගල දෙසට ගමන් කරන වාහන වමට හැරී මිරිගම දෙසටත් නුවර දෙසට ගමන් කරන වාහන දකුණට හැරී පස්යාල දෙසටත් ගමන් කළ හැකිය.
02.මිරිගම දෙස සිට පැමිණ කොළඹ දෙසට ගමන් කරන වාහන පස්යාල දෙසට පැමිණ මල්ලැහැව හන්දියෙන් දකුණට හැරී වේයන්ගොඩ හරහා කලගේඩිහේන දෙසටත්, කිරිඳවැල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල දෙස සිට නිට්ටඹුව අලෝක සංඥා අසලින් වේයන්ගොඩ දක්වා ගමන් කර කලගෙඩිහේන දෙසට ගමන් කළ හැකිය.
03.කටුනායක දෙස සිට කිරිඳවැල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන වේයන්ගොඩ නගරය පසුකර වමට ඇති කොට්ටල මාර්ගය ඔස්සේ ගමන් කර මල්ලැහැව හන්දියෙන් දකුණට හැරි පස්යාල හන්දිය හරහා අත්තනගල්ල දෙසට ගමන් කළ හැකිය.
04.කිරිඳවැල දෙස සිට නුවර දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල හන්දියෙන් පස්යාල දෙසට ගමන් කළ හැකිය.