නීත්‍යානුකූලව ආනයනය කළ වාහන සොයා ගැනීමට අලුත් විදියක් – මෙතනින් පිවිසෙන්න

නීත්‍යානුකූලව ආනයනය කළ වාහන සොයා ගැනීමට අලුත් විදියක්  – මෙතනින් පිවිසෙන්න

නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු වාහනයක් මිලදී ගැනීමට පෙර එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කරගැනීමට සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සහස් කර දෙන ලෙස කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත මාර්ගෝපදේශ ලබා දී තිබුණා.

ඊට ප්‍රතිචාර ලෙස රේගුව විසින් මාර්ගගත ද්වාරයක් හඳුන්වා දී ඇති අතර මේ තුළින් කිසියම් තැනැත්තෙකු විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවා ඇත්දැයි යන්න සොයා බැලීමට අවස්ථාව උදා කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් සබැඳිය වෙත පිවිස තමන් සතු හෝ තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ඇත්දැයි දැනගැනීමේ අවස්ථාව උදාකර ඇතැයිද අල්ලස් හෝ දූශණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

https://services.customs.gov.lk/vehicles

තවද ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණ වීමේ තත්ත්වයක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.

Share This