වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගිනි.
කෙටුම්පතට අදාලව අදහස් හා යෝජනා ලබාගැනීමට රාජ්‍ය ආයත්න, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ විශේෂඥ පුද්ගලයන්ගේ වැඩමුළුවක් පසුගියදා විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පදනම් ආයතනයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැඩිහිටියන් සඳහා සුවදායී ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් උරුමකර දීම නව රජයේ ප්‍රතිපත්තිය බවය.
2006 වර්ෂයේ සකස් කළ වැඩිහිටි ප්‍රතිපත්තියක් දැනට ක්‍රියාත්මක වන නමුත් එය වර්ථමානයට ගැලපෙන ලෙස කඩිනමින් වෙනස් කළ යුතු බවත් කොපමණ ප්‍රතිපත්ති සකස් කළ ද ඒවා ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳුන් මහතා, අනෙකුත් අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන නියෝජිතයන්, රාජ්‍ය නිළධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, විෂය විශේෂඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.