අකර්මන්‍ය සළුසල යළි පණගැන්වීමට නව සභාපතිවරයෙක්

අකර්මන්‍ය සළුසල යළි පණගැන්වීමට නව සභාපතිවරයෙක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයා ලෙස දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා පත්කර තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරා අකර්මණ්‍ය තත්ත්වයේ පවතින ලංකා සළුසල නව රජයේ ප්‍රතිපත්ති අනුව යමින් ක්‍රමවත් සැලැස්මක් යටතේ එහි ක්‍රියාකාරීත්වය නැවත පණ ගැන්වීම අරමුණු කරගනිමින් මෙම පත්වීම සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව කඩිනමින් නව ව්‍යාපාරික සැලසුමක් යටතේ, අලෙවි ප්‍රවර්ධනය ඇතුළු ආයතනයේ අනෙකුත් කටයුතු ආරම්භ කරන බවයි නව සභාපතිවරයා ලෙස පත්වූ දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා සඳහන් කළේ.

පුද්ගලික අංශයේ වසර 20ක අත්දැකීම් ඇති ඔහු ප්‍රමුඛ පෙලේ ආයතන කිහිපයකම පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය පාලනය, අලෙවිකරණය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර රැසකම පළපුරුද්දක් සහිත විධායක ශ්‍රේණියේ නිළධාරියෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

එංගලන්තයේ ‘The Manchester Metropolitan’ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධිධාරියෙකු වන දිනුක් ඈෂ්ලි විජේසිංහ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වන බවයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This