ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ඊයේ (26) වැඩ භාරගෙන තිබෙනවා.
ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදීයි.
ඒ මහතා මේ වන විටත් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරයෙක්.
අරවින්ද සිරිනාථ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරියෙකු වන අතර ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වනවා.
හෙතෙම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික අංශ ගණනාවක සේවය කළ අයෙක්.