දුම්රිය මගීන්ට පණිවිඩයක්
රියදුරු හිඟයක් හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබෙනවා.
ඒ, දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන්.
මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අද පස්වරුවේදීත්, හෙට සහ අනිද්දා දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාදවීම් සිදුවිය හැකි බවට වැඩිදුරටත් වාර්තා වනවා.