වගා හානි වන්දි මුදල් ගැන පණිවිඩයක්
ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වූ අතර, ඒ අතරින් විශේෂයෙන්ම නියඟ, ගංවතුර ආදී තත්ත්වයන් සහ වල් අලි හානි විශේෂ වුවා.
මේ වන විට 80% කට ආසන්න ගොවීන් ප්රමාණයකට රුපියල් මිලියන 80කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති බව ද ඉතිරි ගොවීන් සියලුදෙනාටම ජනවාරි 05 දින වන විටදී අදාළ වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මෙහිදී එම වන්දි මුදල ඍජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇතැයිද, 2024/ 2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා ඇති බව ද සඳහන්.