මහනුවර, ඉදිවෙමින් පවතින නිවසක දැවැන්ත තාප්පයක් නාය යයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ ඉදි වෙමින් පවතින නිවසක දැවැන්ත තාප්පයක් නාය යාම හේතුවෙන් ඊට පහළින් පිහිටි නිවසකට අලාභ හානී සිදුව තිබෙනවා.
අද (12) දින අළුයම් කාලයේ මෙම දැවැන්ත තාප්පය කඩා වැටුණු බවයි හානියට පත්වූ නිවැසියන් සඳහන් කළේ.
එම බැම්ම නාය යාම සමඟින් සිය නිවසේ බිත්ති කිහිපයක් පුපුරා ඉරිතලා ගොස් ඇති බවත්, පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් මේ වන විට තමන් නිවසෙන් ඉවත්ව වෙනත් හිතවත් නිවසක තාවකාලික පදිංචිව සිටින බවත් ඔවුන් පවසනවා.
ඉදිවෙමින් පවතින නිවසේ හිමිකරුවන් කොළඹ පදිංචිකරුවන් බව සඳහන්.