ජීව අත්බෝම්බයක් වෙල්යායක් අසලින් හමුවෙයි

ජීව අත්බෝම්බයක් වෙල්යායක් අසලින් හමුවෙයි

හෝමාගම මාකුඹුර කුලතුංග මාවතේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද(08) සවස සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා.

අද 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම අත්බොම්බය සොයාගත් බව පැවසෙනවා.

පසුව මෙම අත්බෝම්බය නිශ්ක්‍රිය කිරීම සදහා කැලණිය පොලිස් විශේෂ කාර්ය බලකා‍ කදවුරට දැනුම්දීමෙන් පසුව එම කඳවුරේ උප පොලිස් පරීක්ෂක ලයනල් ගුණසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි ආරක්ෂිත බව තහවුරු කර ගැනීමෙන් පසුව අධිකරණ නියෝගයක් ලබා මාකුඹුර වෙල්යායේදී විනාශ කිරීමට පියවර ගත් බව සඳහන්.

අත්බෝම්බය එම ස්ථානයට කුමන පුද්ගලයකු විසින් ගෙනවිත් දැමුවේද යන්න සම්බන්ධ‍යෙන් මේ දක්වා තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.

Share This