ජීව අත්බෝම්බයක් රාජගිරියෙන් හමුවෙයි

රාජගිරිය වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ කසල බැහැර කරන ස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් හමුවී ඇති බව පොලිසිය කියයි.
එය විදේශ රටක නිෂ්පාදිත එකක් වන අතර බෝම්බයේ අංක අපැහැදිලි බව පොලිසිය පවසයි.
මෙම බෝම්බය කිසියම් පුද්ගලයකු විසින් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බව පොලිසිය සැක කරයි.
චන්දන ලක්මාල්