නඩු විභාග වන ලිස්ට් එකක් එළියට

රාජ්‍ය දේපොල අයුතු පරිහරණය, බලය අයුතු ලෙස යොදා ගැනීම හා මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා යටතේ දේශපාලකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 36 දෙනෙකුට අධිකරණය ඉදිරියේ නඩු පවතින බව අධිකරණ දත්ත පෙන්වා දෙයි.
ඊට අමතරව තවත් නඩු දෙකකින් වරදකරුවන් බවට පත්ව සිටින උතුරුමැද හිටපු මහ ඇමති එස් එම් රංජිත් හා ඔහුගේ නෑනා ද, හිටපු ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ද මේ වනවිටත් සිරදඬුවම් විඳීති.
එමෙන්ම හිටපු ඇමතිවරුන් වන දුමින්ද දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර සහ හිටපු මන්ත්‍රී විලෙයාන්ද්‍රන් යන පිරිසට එරෙහිව විභාගවන නඩු හේතුවෙන් මේ වනවිට ඔවුහු අත් අඩංගුවේ පසුවෙති.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන අතර තවත් හිටපු අමාත්‍යවරයෙකු වන ඒ එච් එම් ෆවුසිට අත් හිටවූ සිරදඬුවම් ලබා දී තිබේ.
මේ අතර අධිකරණ තොරතුරු අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, අර්චුනා රාමනාතන්, අනුරාධ ජයරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඩයනා ගමගේ, බොදු බලසේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන පිරිස ඇප මත සිටින අතර ඔවුන් ගේ නඩු අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන ජෙන්ස්ට්න් ප්‍රනාන්දු, විමල් වීරවංශ, රාජිත සේනාරත්න,බැසි්ල රාජපක්ෂ, ප්‍රසන්න රණතුග, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, රවි කරුණානායක, චන්ද්‍රානි බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, ලොහාන් රත්වත්තේ, ඔහුගේ බිරිඳ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, සරණ ගුණවර්ධන, ප්‍රේමලාල් ජයසේකර යන පිරිස වෙත ඉහත කී චෝදනා මත නඩු පවරා තිබේ.
විනීතා එම් ගමගේ