ශ්‍රී ලංකා රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබෙනවා.
එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වන බව ද සඳහන්.
රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට ඒ අනුව ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබී තිබෙනවා.
රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම මේ සඳහා බලපා ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.